මහාරාෂ්ට්‍රයේ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර
ඉන්දියාවේ Covid 19 වසංගතයෙන් වැඩි බලපෑමකට ලක් වූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඔක්තොම්බර් 31 වෙනි දින දක්වා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් වසා තැබීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇති අතර එම ප්‍රාන්තයේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ලබන 5 වනදා සිට හෝටල්, ආපනශාලා සහ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයින් ලක්ෂ 14 කට ආසන්න පිරිසක් ඇතුළුව ඉන්දියාවේ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 6,312,584 ක් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 98,678 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
