ක්‍රීඩා

RR පරදා KKR ජයගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (30) පැවති තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 37කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 174ක් රැස් කරගත් අතර 175ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීම සඳහා පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137ක් පමණි.

එම තරගය ජය ගැනීමත් සමඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01) තරගය කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අබුඩාබි හිදී පැවැත්විමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *