කටානේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට
කටාන ප්‍රදේශයේ දී රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 30 වන දා 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ගිනි අවි පෙන්වා කටාන අක්කරපනහ ප්‍රදේශයේ නිවසක කොල්ලකෑමක් සිදුකර ඇති අතර එම සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් නිල් පැහැති කුඩා මෝටර් රථයක සහ යතුරුපැදි දෙකක නැගී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශනයන් සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
