ඩයගම මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 48දෙනෙකු රෝහලට
අද උදෑසන ඩයගම සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පෝඩයිස් ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරළී ඇත.
අඩි 25ක ප්‍රපාතයකට පෙරළී ඇති මෙම රථය තුළ පුද්ගලයින් 48දෙනෙකු පමණ ගමන්ගෙන ඇති අතර ඉන් 30 දෙනෙකු පාසල් සිසුන් බව සිදුවීම පිළිබඳ අනාවරණය කළ පොලීස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අනතුරින් කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැති අතර තුවාල ලැබූවන් වහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
