විදේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප් ට කොරෝනා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම නිල ට්විටර් ගිණුම මගින් ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇති අතර PCR පරීක්ෂණ මගින් ඒ බව සනාථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

ඇමරිකානු ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31 හැවිරිදි හෝප් හික්ස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් PCR පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

COVID 19 හේතුවෙන් මේ වන විට මිලියනයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්ථා වන අතර තවමත් මෙම වසංගතයට සාර්ථක විසදුමක් ඉදිරිපත් වී නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ මෙම වසංගතයට සාර්ථක එන්නතක් සොයාගැනීමට පෙර අවම මිලියන දෙකක ජනතාවක් ජීවිතක්ෂයට පත් වීමට නියමිත බවයි.

COVID 19 වෛරසය ව්‍යාප්තියත් සමග ලොව සියලු බලවත් රටවල් ගෝලීය අර්බුධයකට ලක් වූ අතර මෙම වෛරසය හාස්‍යයට ලක් කරමින් විවිධ අවස්ථාවන්හී දී ආන්දෝලනාත්මක ලෙස හැසිරුනු ඇමරිකානු ජනාධිපතිවරයා බොහෝ රටවල විවේචනයට බදුන් විය.

එළඹෙන නොවැම්බරයේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම නව තත්ත්වය එම මැතිවරණයට සෘජුව බලපානු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?