දේශීය

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ Covid රෝගීන් 648කට සුවයි

මෙරට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායන වූ Covid 19 ආසාදිතයින් අතරින් 648 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම මධ්‍යස්ථානයේ නිරෝධායනය වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

කෙසේ වෙතත් තවමත් Covid අවධානමක් රට තුළ පවතින බවට සෞඛ්‍ය අංශ විසින් තවදුරටත් අනතුරු ඇඟවීමක් කර ඇති අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,388 කි.

තවත් ආසාදිතයින් 130 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *