තවත් කහ තොගයක් මන්නාරම වෙරළ තීරයෙන් සොයාගනී
උතුරු මැද නාවික විධානයේ නාවිකයින් විසින් මන්නාරම තල්පාඩු වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ කිලෝ 902කට අධික කහ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති අතර නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණයන් සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
