දේශීය

කොවිඩ් ආසාදිත කාන්තාවක් දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවෙයි

දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

39 හැවිරිදි මෙම කාන්තාව උණ රෝගී තත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී සිදුකළ PCR පරීක්ෂණයකින් ඇයට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

එම කාන්තාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති අතර ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුත් ඇය සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකුත් මේ වන විට සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *