මෙරට කොව්ඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහළට

මෙරටින් තවත් Covid 19 ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ Covid ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහල ගොස් ඇත.

එම ආසාදිතයින් 7 දෙනා අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් සහ ඕමානයේ, කටාර්, මධ්‍ය ධරණී කලාපයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් වේ.

එමෙන්ම Covid 19 වෛරස ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 3254 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 128 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.