මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර
මහමාර්ග විනය ආරක්ෂා කිරීම සඳහා පැන වූ මංතීරු නීතිය කඩකරන්නන් හට අද (05) සිට නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.
ඒ අනුව මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම හෝ ස්ථානීය දඩ නියම කිරීමට අද සිට පියවර ගන්නා බව පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරයි.
මංතීරු කඩකරන පුද්ගලයින් නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා සහිත පොලිස් ජංගම රථ ද යොදවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
