දේශීය

කොරෝනා හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

Covid 19 වසංගත තත්වය හේතුවෙන් මහජනතාව එක් රැස්වන කිසිඳු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණ පැළඳීම සහ අත් සේදීම කළ යුතු බවත් මුහුණු ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් සහ වෛරස ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වීම වැළැක්වීමට හැමවිටම ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම එළිමහනේ ක්‍රියාකාරකම් හැකිතාක් අවම කරගනිමින් අත්‍යවශ්‍ය විටක දී හැරෙන්නට නිවසින් පිටතට පැමිණීමෙන් වැළකී සිටින ලෙස මෙරට සෞඛ්‍ය අංශ විසින් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?