Latestදේශීය

විජේදාස රාජපක්ෂගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අනතුරු ඇගවීමක්

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අගවයි. ඒ 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුව අතරතුර අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළේ, තමන් ඇතුළු වත්මන් ආන්ඩුව 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනු ලැබුවහොත් වත්මන් ජනාධිපතිට 20 හරහා විධායක බලතල නමැති කඩුව මුහවත් කිරීමට ඉදිරි වසර 2 – 3 කාලය වැය කිරීමට සිදු වනු ඇති බවයි. තවද වත්මන් ජනාධිපතිගෙන් අනතුරුව බලයට පත්වන අනුප්‍රාප්තිකයා ඉදිරියේ තමන් මුවහත් කළ ක‍ඩුවෙන්ම තම ගෙල සිදගැනීමට ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවන බවට විජේදාස මහතා එහිදී අනතුරු අගවන ලදි.

පැවති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජයේ අධිකරණ අමාත්‍යවරයාව සිටි විජේදාස රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රසිද්ධීයේම පෙනී සිටි ප්‍රභල දේශපාලනඥයෙකි. යහපාලන රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයන් තමන්ගේ මැදිහත්වීම මත ව්‍යර්ථව ගිය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඔහු පසුව 2020 මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර මනාප 120626 ක් දිනා ගනිමින් කොළඹින් 4වන ස්ථානය හිමිකරගන්නා ලදි.

විජේදාස රාජපක්ෂ මහතාට අමතරව මේ වන විට මැතිඇමතිවරු මෙන්ම වත්මන් රජය බලයට ගෙන ඒම සදහා සක්‍රීයව ක්‍රියාකළ විවිධ පාර්ශවයන් 20වන ව්‍යවස්ථා සංශෝධනයට එ‍රෙහිව ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් තිබීම විශේෂත්වයකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?