ක්‍රීඩා තරග සියල්ල අත්හිටුවීමට තීරණයක්
කොවිඩ් 19 වෛරස තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් අනුව නැවත දැනුම් දෙන තුරු ක්‍රීඩා තරග සියල්ල අත්හිටුවීමට තීරණය කළ බව ක්‍රීඩා විද්‍යා ආයතනය පවසයි.
දැනට සංචිතගතව නේවාසිකව පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෞඛ්‍ය උපදෙස් අනුව ඉතා ආරක්ෂාකාරී පරිසරයක පුහුණුවීම් කටයුතු කරගෙන යන අතර අනෙකුත් සියළුම ක්‍රීඩා කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මීට පෙර කොරෝනා රෝග අවස්ථාවේ ක්‍රීඩා නැවත ආරම්භ කිරීමට ලබා දී ඇති උපදෙස් මාලාව අනුව සිදුකිරීමට නිවේදනය කර තිබේ.
එමෙන්ම තනි තනි ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයින් දස දෙනෙකු පුහුණුකරු සමග තනිව සෞඛ්‍යාරක්ෂිතව පුහුණුවීම් කටයුතු කිරීමට ද උපදෙස් ලබා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
