චීන රජයේ දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජීයේචී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන රජයේ දූතයින් පිරිසක් අද (08) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඔවුන් හෙට (09) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
