දේශීය

මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාවේ සේවකයෙකුටත් කොරෝනා

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයාට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු වන අතර ඔහු Covid වෛරස ආසාදිතයෙකු බවට වාර්තා වේ.

Covid ආසාදිත මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවකයා 55 හැවිරිදි, කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ වන විට එම පුද්ගලයින් නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *