දේශීය

කටුනායක වෙළඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් 11 දක්වා ඉහළට

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයින් 11 දෙනෙකුට Covid 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් Covid 19 ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ එහි සේවකයන් PCR පරීක්ෂණයන්ට ලක් කර තිබුණි.

එහි  දී එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන් දෙදෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *