දේශීය

කැලණි විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොවිඩ්

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම සිසුවිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර ඇති බව වාර්තා වේ.

අදාළ සිසුවිය සමඟ ඇසුරු කල තවත් සිසුවියන් දෙදෙනෙකු මේ වන විට PCR පරීක්ෂණයන්ට යොමු කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා සඳහන් කරයි.

එසේම ඊයේ (10) දිනයේ දී කොවිඩ් වෛරස ආසාදිත සිසුවියක් හඳුනාගැනුනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යන කටයුතු පිළිබඳව අවසන් තීරණය හෙට (12) දිනයේ දී ගන්නා බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *