දේශීය

විදේශ පාර්ශ්ව සමඟ සබඳතා එපා – ධීවර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ධීවර කටයුතුවල නියැලෙන ධීවර කාර්මිකයින් සඳහා ධීවර දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් ගොඩබිම හෝ මුහුදේ දී කිසිඳු ආකාරයකින් විදේශ පාර්ශ්වයන් සමඟ සබඳතා නොපවත්වන ලෙස ධීවර කාර්මිකයින්ට දැනුම් දී ඇති අතර එම උපදෙස්වලට පටහැනිව ක්‍රියාකළහොත්  ඉදිරියේ දී ධීවර කටයුතු නැවැත්වීමට නියෝග ලබාදීමට සිදුවන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කරයි.

මෙි අතර උතුරු අන්දමන් මුහුද සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශවල තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහෙයින් ඔක්තෝම්බර් 14 වන දින දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?