විදේශීය

ට්‍රම්ප් සිය පාක්ෂිකයින් අමතයි

නව Covid 19 වෛරසය ආසාදනය වීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට සිය පාක්ෂිකයින් අමතා ඇති බව වාර්තා වේ.

ධවල මන්දිරයේ බැල්කනියේ සිට සිය පාක්ෂිකයින් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ද නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සිය මුඛ ආවරණය ඉවත් කර ඇති අතර එම සිදුවීම බොහෝ සෞඛ්‍ය විශේෂඥයින් විවේචනයට ලක්කර තිබේ.

නීතිය හා සාමය වෙනුවෙන් සාමකාමී රැළියක් ලෙස සංවිධානය කර තිබූ එම රැළිය සඳහා සහභාගී වූ රිපබ්ලිකන් ආධාරකරුවන් බොහෝදෙනා මුඛ ආවරණ පැළඳ සිටිය ද ඔවුන් නිසි පරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොසිටි බව ද වාර්තා වේ.

ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් පක්ෂයට විවිධ චෝදනා එල්ල කරමින් සිය ජයග්‍රහණය පිළිබඳව උදම් ඇනූ ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනයන්හි දී පිළිවෙලින් ෆ්ලොරිඩා, පෙන්සිිල්වේනියා සහ අයෝවා යන ප්‍රාන්තයන් හී සිය පාක්ෂිකයින් ඇමතීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?