දේශීය

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12කට කොරෝනා

කඳාන වටරවුම් පාර ප්‍රදේශයේ පිහිටි ලෙකෝ ආයතනයේ සේවය කරනු ලබන සේවකයින් 12 දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

එම කාර්යාලයේ සේවකයෙකුගේ දියණිය මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවක් වන අතර ඇය ද මින් පෙර කොවිඩ් වෛරස ආසාදිතයෙක් ලෙස තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ සමඟ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් ඇයගේ පියාට සහ කාර්යාල සේවකයින් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *