දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 39ක් හඳුනාගැනේ

මෙරට තවත් පුද්ගලයින් 39 දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර තවත් 14 දෙනෙකු ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව යුධ හමුදාපති වැඩිදුරටත් සඳහන් කරයි.

එම ආසාදිතයින් 39 දෙනා වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,346ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *