දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1,446 දක්වා ඉහළට

අද (13) දිනයේ දී මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් 49 දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් වන අතර ඉන් 32 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල රැඳීසිටි ඇඟලුම් කම්හලේ සේවකයින් වේ.

එමෙන්ම ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ සමීපතමයන් 17 දෙනෙකුත් ඒ අතර වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් 49 දෙනත් සමඟ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් සංඛ්‍යාව 1,446 දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *