Latestදේශීය

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්න – නීතිපතිගෙන් උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

මහජන මුදල් අවභාවිතා කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙන් මෙසේ බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නයි නීතිපතිවරයා විසින් නියෝගකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *