ස්ත්‍රී දූෂකයින්ට මරණ දඬුවම නීතිගත කරයි – බංග්ලාදේශය
බංග්ලාදේශයේ ස්ත්‍රී දූෂණවලට වැරදිකරුවන්වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරට රජය විසින් තීරණය කර තිබේ.
කාන්තාවකට පිරිසක් විසින් හිරිහැර කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර ඒ් සඳහා බංග්ලාදේශයේ දැඩි විරෝධතා මතු විය.
එහෙයින් ස්ත්‍රී දූෂකයින් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරට රජය පියවර ගෙන ඇති අතර එම දඬුවම නීතිගත කරමින් බංග්ලාදේශ ජනපති විසින් ආඥාවක් ද නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
