ක්‍රීඩා

KKR අභිබවා RCB ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (12) පැවැති තරගය ලකුණු 82කින් ජයගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම මේ වන විට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අභිබවා යමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්ව තිබේ.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 194ක් රැස්කර ගැනීමට සමත් විය.

ලකුණු 195ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණි.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ සිය ස්ථානය අහිමි වෙද්දි එම ස්ථානය හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *