දේශීය

අද කාලගුණය

නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැඩි දුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අඩු වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැ.කි.මී 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මි 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *