ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
බලංගොඩ, පින්නවල වලවේවත්ත ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් තේ වත්තක තේ දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 සහ 47 හැවිරිදි වලවේවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකි.
ගස කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම කාන්තාවන් දෙදෙනා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
