මොරටු සුදාගේ සමීපතමයෙක් අත්අඩංගුවට
වාද්දුව පොලීසිය විසින් ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක් බව කියන ‘මොරටු සුදා’ නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වාද්දුව මැලෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සතුව තිබී විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, ඊට භාවිතා කරන පතරොම් 18ක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2700ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර වැඩිදුරටත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු පානදුර ළමා උද්‍යානය අසල කොන්ක්‍රීට් ලෑල්ලක් යට සඟවා තිබියදී ගිනි අවියක් සහ පතරොම් සොයාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
