සමස්ත කොරෝනා ආසාදිතයින් 5000 ඉක්මවයි
නව කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 194 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038 දක්වා ඉහළගොස් තිබේ.
එම ආසාදිතයින් අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් 114 දෙනෙකු සිටින අතර තවත් පුද්ගලයින් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1,591ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින්ගෙන් 1,697 දෙනෙකු මේ වන රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
