දේශීය

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා බදියුදීන්ගෙන් පෙත්සමක් අභියාචනාධිකරණට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණටය රිට් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වූ ජනතාව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සිටින බව මන්ත්‍රීවරයා එම පෙත්සමේ සඳහන් කර තිබේ.

එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රිෂාඩ් බදියුදීන් මහතා එම පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *