දේශීය

මුහුද රළු විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සි‌ට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින වටා සෙසු ප්‍රදේශවල ද සුළගේ වේගය පැයට කිලෝමීටර 50-55 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ ස්වාභය හේතුවෙන් හෙට දින (16) උදෑසන දක්වා ධීවර කටයුතුවල නියැලීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *