රුසියාවෙන් තවත් කොවිඩ් එන්නතක්
කොවිඩ් 19 වෛරසය සඳහා රුසියාව විසින් නිපදවූ තවත් එන්නතක් සඳහා රුසියානු බලයලත් ඖෂධ නියාමන ලේඛනයට අනුව අනුමැතිය හිමි වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් ප්‍රකාශ කරයි.
රුසියාව නිපදවූ එන්නත් අතරින් අනුමැතිය හිමි වූ දෙවනි එන්නත මෙය වන අතර සයිබීරියාවේ ස්වදේශික ඖෂධ නිෂ්පාදන ආයතනයක් විසින් එම එන්නත නිපදවා ඇති බව වාර්තා වේ.
අදියර තුනක පරීක්ෂණයකින් පසුව එම එන්නත බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
රුසියාව විසින් නිපද වූ පළමු කොවිඩ් එන්නත ද පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
