දේශීය

සායනවලට පැමිණෙන රෝගීන් සීමා කෙරේ

කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමා කිරීමට තීරණය කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පවසයි.

රෝහලේ තදබදය අවම කිරීම සඳහා එම පියවර ගන්නා අතර සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවල දී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව ජාතික රෝහලේ සායනික කාඩ්පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහල් බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබාගත හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *