දේශීය

කොවිඩ් ආසාදිතයින් ගමන් කළ බස් රථ 06ක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ඒ එක්කම ND 2350 මාකුඹුර – ගාල්ල ගිය බස් එකෙත් කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ND 549 – අම්බලන්ගොඩ බස් එක කඩවත ඉදලා ගිය බස් එකෙත් රෝගියෙක් ඉදලා තියෙනවා. කොළඹ – යාපනය ගිය 6503 බස් එකෙත් කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ඇල්පිටිය – කොළඹ ගිය බස් එකෙත් ND 9788 කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ගාල්ල – කඩවත NF 7515 බස් එකෙත් රෝගියෙක් හමුවෙලා තියෙනවා. අපේ තියෙන හයිවේ බස් සියල්ලම මොනිටර් කරලා තියෙන්නේ GPS තාක්ෂණයෙන්” යනුවෙනි.

මේ අතර සුඛොපභෝගී බස් රථවලට මගීන් නංවාගැනීමට පෙර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?