ක්‍රීඩා

RR පැරදූ DC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) දින පැවැති තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 13කින් ජය ගැනීමත් සමඟයි.

කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 161ක් රැස් කර ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත්තේ ලකුණු 148ක් පමණි.

එම තරගය ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ රැඳී සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *