ට්විටර් අක්‍රීය වේ
ට්විටර් අභ්‍යන්තර පද්ධතිවල සිදුවූ වෙනස්කමක් හේතුවෙන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හදිසි බිඳවැටීමකට ලක්ව ඇතැයි වර්තා වන අතර මෙමඟින් ලොව පුරා ට්විටර් පරිශීලකයින්ට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සයිබර් ප්‍රහාරයක් හෝ ආරක්ෂක පද්ධතිය උල්ලංඝනය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ට්විටර් පද්ධතිය පැයක පමණ කාලයක් අක්‍රීයව පැවති අතර මේවන විට එය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම, එංගලන්තය, ජපානය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ ප්‍රංශයේ ට්විටර් පරිශීලකයින්ට ගැටලු මතු වූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
