දේශීය

ප්‍රවීන රංගවේදිනි අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගවේදිනි අනුලා බුලත්සිංහල මහත්මිය අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) දින අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 73 වන වියේ පසුවිය.

ඇය රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කුවේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක් හා චරිත දෙකක් වැනි නිර්මාණයන් ප්‍රධාන වේ.

එමෙන්ම නිල්දිය යහන, ගෝල් වැනි සිනමාපටවල ද ඇය රංගනයෙන් දායක වී තිබේ.

වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ සිනමාපටවලට ද රංගනයෙන් දායක වූ ඇය මෙවර රාජ්‍ය සම්මාන උළෙලේ දී ජීවිතයට එක්වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *