දේශීය

අත්අඩංගුවට ගත් කාන්තාවක් රෝහලේදී මියයයි

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක්  හේතුවෙන් කාරපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී මියගොස් තිබේ.

එම කාන්තාව පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ ( 16 ) හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළව පසුගිය 13වන දින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී ඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කාරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගොස් ඇති බව වාර්තා වේ.

නමුත් මිය ගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි.

එහෙයින් ඊයේ හික්කඩුව පොලීසිය අසල උණුසුම් වාතාවරණයක් ඇති විය.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනයන් සිදු කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *