දේශීය

උ. පෙළ විභාගයේ කිසිඳු වෙනසක් නැහැ – කපිල පෙරේරා

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිඳු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ උසස් පෙළ විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත් එළඹෙන නොවැම්බර් 06 වනදා තෙක් එම විභාගය ඒ් අයුරින්ම පවත්වන බවත් එම මහතා වැඩිදුරටත් පවසයි.

තව ද ඇඳිරි නීතිය පවත්නා පොලිස් බල ප්‍රදේශ තුළ විභාග මධ්‍යස්ථානයන් හි රාජකාරී කටයුතුවල නිරතව සිටින ගුරුවරුන්ට මුහුණපෑමට සිදුවන ප්‍රවාහන අපහසුතා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් රජයේ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡාකර සහනයක් සැලසීමට ද බලාපොරොත්තුවන බව කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *