දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 1,485 දක්වා ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ මේවන විට PCR පරීක්ෂණ 19,416 ක් සිදු කර ඇති අතර එම පරීක්ෂණ තුළින් 1,485 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මිගාර ඈපා මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළඳ කලාපයේ නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරන බව වැඩිදුරටත් සදහන් කළේය.

මෙරටින් වාර්තා වන  සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යව 5,354ක් වේ. ඉන් 3,385දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 1,957දෙනෙකු මේවන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *