විදේශීය

සන්ජේ දත්ට පිළිකාවක්

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් 61ක් හැවිරිදි ජනප්‍රිය බොලිවුඩ් නළු සන්ජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇති බව පවසයි.

එම වීඩියෝපටය ඔස්සේ සන්ජේ දත් ප්‍රකාශ කර සිටියේ රෝගී තත්ත්වය පරාජය කිරීමේ අදිටනින් පසුවන අතර මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මස අරඹන බවයි.

ස්වසන අපහසුතාවයක් ඇති විම හේතුවෙන් පසුගිය අගෝස්තු මස Covid 19 වෛද්‍ය පරික්ෂාව සිදුකර ඇති අතර පසුව මුම්බායි නගරයේ රෝහලකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය තහවුරු වූ බව එම වීඩියෝපටයේ වැඩි දුරටත් සඳහන්ව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *