දේශීය

අද කාළගුණය

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කැලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 30ත් 40ත් පමණ වන අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්විට රළුවිය හැකිය.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *