අසර්බයිජානයට ආර්මේනියාවෙන් චෝදනාවක්
මානුෂිය සටන් විරාමයක් උල්ලංඝනයකර ඇති බවට අසර්බයිජානය ආර්මේනියාවෙන් චෝදනාවක් එල්ලකර තිබේ.
නගොර්නෝ – කර්බක් කලාපයේ ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ දී මෙම සටන් විරාමය ආරම්භ කිරීමට ගිවිසුම්ගතව තිබූ නමුත් අසර්බයිජානය එම කාලසීමාව තුළ රොකට් සහ ෂෙල් ප්‍රහාර එල්ලකර සටන් විරාමය බිඳ දැමූ බව ආර්මේනියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් පවසා ඇත.
කෙසේ වෙතත් මෙම චෝදනාවලට අසර්බයිජානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
