දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 2016ක් දක්වා ඉහළට

ගත වූ පැය 24 තුළ නව කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 121 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එම ආසාදිතයින් 121 දෙනාගෙන් පුද්ගලයින් 115 දෙනෙකුම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2,016ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,474ක් වන අතර ඉන් ආසාදිතයින් 3,395 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් ආසාදිතයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *