ඉතාලියේ නව සංචරණ සීමා
ඉතාලියේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එරට රජය විසින් නැවතත් නව සංචරණ සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් 19 වසංගත තත්වයෙන් යළිත් බලපෑමක් තිබුණ ද පෙර පරිදි රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර නොගන්නා බව ඉතාලි රජය පවසයි.
නමුත් මහජනතාව වැඩි වශයෙන් රැස්වන උත්සව අවස්ථාවන්, මහජන රැස්වීම්, ක්‍රීඩා තරඟ පැවැත්වීම අත්හිටුවා ඇති අතර නව සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන් ද හඳුන්වාදීමට එරට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඊයේ (18) දිනයේ දී පමණක් ඉතාලියෙන් නව කොවිඩ් ආසාදිතයින් 11,705 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වන විට සමස්ථයක් ලෙස ඉතාලියෙන් ආසාදිතයින් 414,241 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ඉතාලියෙන් මරණ 36,543 දෙනෙකු වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
