දේශීය

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී තිබුණ ද ඒ සඳහා තරුණ නායකයෙකු පත්කිරීම සුදුසු බව වික්‍රමසිංහ මහතා අදහස් කරයි.

මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *