දේශීය

බදියුදීන් සැඟව සිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට

දෙහිවල එබනයිස් පෙදෙස පිහිටි මහල් නිවාස සංකීර්ණයක රැඳීසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අද (19) අලුයම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 6ක් විසින් දින 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙසේ මන්ත්‍රීවරයාව අද දිනයේ දී අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායමක් සමත් විය.

බදියුදීන් මන්ත්‍රීවරයාට රැඳීසිටීමට නවාතැන් ලබාදුන් නිවසේ හිමිකරුවත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *