රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2019 වසරේ පුත්තලම ප්‍රදේශයේ අවතැන්වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයකර රජයේ මුදල් අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා යෙදවූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
