ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 40 ඉක්මවයි
ලොව පුරා මේවන විට කොවිඩ් වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 4 ඉක්මවා ගොස් තිබේ.
ආසාදිතයින් 320,570 දෙනෙකු ඊයේ (18) දින හමුවීමත් සමඟ මේවන විට ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,278,207ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඇමරිකාවෙන් ආසාදිතයින් 8,387,799ක් වාර්තා වන අතර එය ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.
ලොව ආසාදිතයින් වැඩි දෙවන රට ලෙසට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඒ ඉන්දියාවෙන් ආසාදිතයින් 7,548,238 දෙනෙක් හදුනා ගැනීමත් සමඟිනි.
මේවන විට ලොව පුරා පුද්ගලයින් 1,118,321 දෙනෙක් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
