දේශීය

බදියුදීන් නිරෝධායනය සඳහා මීගමුවට මාරු කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිරෝධායනය සඳහා ඊයේ (19) රාත්‍රියේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

දින 6ක් පුරා පොලීසිය මඟහරිමින් සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව ඊයේ අලුයම මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් අතර ඔහුව ඊයේ පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බදියුදීන් මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (20) දිනයේ දී සලකා බැලීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *